අධිකරණ ප්‍රති නිරීක්ෂණ බලය හෙවත් අධිකරණ විවරණ බලය
අධිකරණය සාමාන්‍යයෙන් යුක්තිය හා සාධාරණත්වය ඉටු කරන ආණ්ඩුවක තුන්වෙනි ආයතනය ලෙස සලකනු ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවල යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීම සඳහා ස්වාධීන අපක්ෂපාතී නිදහස් අධිකරණයක් අවශ්‍ය වේ. නීතියේ ආධිපත්‍ය සියලු දෙනාටම සමාන අයුරින් සුරැකෙන්නේ එබඳු අධිකරණයකිනි.ප්‍රජාතන්ත්‍රවාදී රටක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපේක්ෂා කරන මූලික කාර්යයන් කිහිපයක් වේ ඒවා නම්,
01.ව්‍යවස්ථානුකූල කරුණු සම්බන්ධයෙන් යුක්තිය හා සාධාරණය පසිදලීම
02.දේශීය නීති ප්‍රායෝගික භාවිතයේදී මතුවන ගැටලු විසඳීම
03.සන්ධීය ආණ්ඩු වලදී මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත
ආණ්ඩුව අතරත් ප්‍රාන්ත හා ප්‍රාන්ත අතර ඇතිවන ගැටුම් විසඳීම
04.විධායක හා ව්‍යවස්ථාදායක කාර්යයන්හි නීත්‍යානුකූල
බව පරීක්ෂා කිරීම
05.ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා නීති නිත්‍යානුකූල
කිරීම
06.අධිකරණ විවරණ බලය හෙවත් අධිකරණ ප්‍රති
නිරීක්ෂණ බලය
ඉහත සඳහන් කළ කරුණු අතරින් අධිකරණ විවරණ බලය හැරුණු විට අනෙකුත් සියලුම කාර්යයන් බොහෝ දුරට ශ්‍රේෂ්ඨාධිකරණයට පොදුවේ හිමිවේ.ඊට හේතුව අධිකරණ ප්‍රති නිරීක්ෂණ බලය ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල පමණක් ක්‍රියාත්මක වන නිසාය.ඊට අනුව අධිකරණ විවරණ බලය යනුවෙන් අදහස් කරන්නේ ව්‍යවස්ථාදායකය හෝ විධායකය පනවන නීති හෝ ක්‍රියාවේ යොදවන නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ රටේ මූලික නීතියට අනුකූල ද නැතිද යන්න පරීක්ෂාකර බලා තීන්දු දීමේ බලය යි. යම් හෙයකින් ව්‍යස්ථාවට හෝ වෙනත් මූලික නීතියකට පටහැනි නීති හෝ ක්‍රියාකාරකම් සිදු වුවහොත් ඒවා ව්‍යවස්ථානුකූල නොවන දෑ ලෙස සලකා ප්‍රතික්ෂේප කිරීමේ බලය අධිකරණය සතු වීමයි. අධිකරණ විවරණ බලය 1787 ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයේ දී එයට එක්කර තිබුනේ නැත. නමුත් 1803 මාර්බරි එරෙහි මැඩිසන් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර මාර්ෂල් ජෙෆර්සන් පෙන්වා දුන්නේ විධායකයට හා ව්‍යවස්ථාදායකයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීති පැනවිය නො හැකි බවයි. එම නඩු තීන්දුව පිළිගත් එරට ව්‍යවස්ථාදායකය ඒ හරහා අධිකරණ විවරණ බලය වර්ධනය කර ගනී.
විශේෂයෙන්ම ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සංවරණ හා තුලන ක්‍රමය ආදේශ වීමත් හේතුකොටගෙන විධායකය හා ව්‍යවස්ථාදායකය සංවරණය කිරීමට අධිකරණය පසුගිය කාලය මුළුල්ලේම ක්‍රියාකර තිබේ. ඒ නිසා ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ භාරකරුවා හා ආරක්ෂකයා බවට පත්ව තිබේ. එසේම එරට මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ ද ශ්‍රේෂ්ඨාධිකරණය යි.
ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන් වන වගන්තිය මගින් එරට අධිකරණයට අධිකරණ විවරණ බලය පවරා දී තිබේ. නමුත් ඇමරිකාව සමඟ සැසඳීමේ දී එම බලය ඉතා සීමිතය. ඉන්දියාවේ අඅග්‍රවිනිශ්චයකාරවරයකු වූ S.K DAS ට අනුව එරට අධිකරණ විවරණ බලය එංගලන්තය හා ඇමරිකාවේ තත්ත්වය අතරමැදි මට්ටමක මට්ටමේ දී පවතී.
ජපන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අසූ එක් වන වගන්තිය මගින් ද එරට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ විවරණ බලය පවරා දී තිබේ. ඒ අනුව ඕනෑම නීතියක් ආඥාවක් නියමයක් හෝ නිල කාර්යයක ව්‍යවස්ථානුකූල බව තීරණය කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි වේ. ප්‍රායෝගික වශයෙන් ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණ විවරණ බලය පාවිච්චි කරමින් එරට තුන්වන දේශපාලන ආයතනය බවට පත්ව තිබේ. නමුත් ඉන්දියානු හා ජපන් ශ්‍රේෂ්ඨාධිකරණය ජනතා පරමාධිපත්‍යය හිමි ව්‍යවස්ථාදායකයට අධිකරණ විවරණය පැවරීම සම්ප්‍රදායක් කොටගෙන තිබේ.වර්තමාන ලෝකයේ බොහෝ ආණ්ඩු ක්‍රමයන්හි අධිකරණය වෙත අධිකරණ විවරණ බලය පවරා දී තිබේ. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ප්‍රථම ව්‍යවස්ථාව වූ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට එම මෙම බලය පවරා දී තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තුවේ නීති කෙටුම්පත්වල හා නීති වල ව්‍යවස්ථානුකූලභාවය පරික්ෂා කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා දී තිබුණේ ව්‍යවස්ථාවට අනුකූල නොවන පනත් හෝ පනත් කෙටුම්පත් ප්‍රතික්ෂේප කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතු විය. අධිකරණ ප්‍රති නිරීක්ෂණය සම්බන්ධයෙන් ඊට පක්ෂව හා විපක්ෂව තර්ක ඉදිරිපත් වී තිබේ.
පක්ෂව ඉදිරිපත් වී ඇති තර්ක
01.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මූලික නීතිවල
ආරක්ෂකයා ලෙස අධිකරණයට කටයුතු කළ හැකි වීම
02.ජනතා පරමාධිපත්‍යය නාමයෙන් මහජන
නියෝජිතයින් ඡන්දදායකයා මුලාකොට අත්තනෝමතික තීරණ ගැනීම වැළැක්වීම
03.සාමාන්‍ය ජනතාවට අවබෝධ කරගැනීමට අපහසු නීතිමය
කරුණු පිළිබඳව වෘත්තීමය නීතිවේදීන් තීරණ ගැනීම
04.සන්ධීය ආණ්ඩුක්‍රමය ආරක්ෂා වීම
05.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජීවමාන
ලියවිල්ලක් බවට පත් වීම
විපක්ෂව ඉදිරිපත්ව ඇති තර්ක
විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන අතර
සතුරු ආකල්ප ඇති වී ආණ්ඩුක්‍රමයේ ස්ථාවරත්වයට හානි පැමිණීම
නීතීඥයින් යම් ව්‍යවස්ථාවක සමාජ ආර්ථික
සංස්කෘතික හෝ කාලීන වැදගත්කම නොසලකා හැරීම
ව්‍යස්ථාදායකයේ පරමාධිපත්‍ය බාල්දු වීම
ජනතා නියෝජිතයන්ට ප්‍රගතිශීලී තීරණ
ගැනීමට බාධා මතුවේ
අධිකරණය දේශපාලනීකරණය වීමේ අනතුර මතුවේ
Comments
Post a Comment