Posts

Showing posts from October, 2022

අධිකරණ ප්‍රති නිරීක්ෂණ බලය හෙවත් අධිකරණ විවරණ බලය

අධිකරණය සාමාන්‍යයෙන් යුක්තිය හා සාධාරණත්වය ඉටු කරන ආණ්ඩුවක තුන්වෙනි ආයතනය ලෙස සලකනු ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවල යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීම සඳහා ස්වාධීන අපක්ෂපාතී නිදහස් අධිකරණයක් අවශ්‍ය වේ. නීතියේ ආධිපත්‍ය සියලු දෙනාටම සමාන අයුරින් සුරැකෙන්නේ එබඳු අධිකරණයකිනි.ප්‍රජාතන්ත්‍රවාදී රටක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපේක්ෂා කරන මූලික කාර්යයන් කිහිපයක් වේ ඒවා නම්,   01.ව්‍යවස්ථානුකූල  කරුණු සම්බන්ධයෙන් යුක්තිය හා සාධාරණය පසිදලීම 02.දේශීය   නීති ප්‍රායෝගික භාවිතයේදී මතුවන ගැටලු විසඳීම 03.සන්ධීය ආණ්ඩු වලදී මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව අතරත් ප්‍රාන්ත හා ප්‍රාන්ත අතර ඇතිවන ගැටුම් විසඳීම 04.විධායක හා ව්‍යවස්ථාදායක කාර්යයන්හි නීත්‍යානුකූල බව පරීක්ෂා කිරීම 05.ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා නීති නිත්‍යානුකූල කිරීම 06.අධිකරණ විවරණ බලය හෙවත් අධිකරණ ප්‍රති නිරීක්ෂණ බලය ඉහත සඳහන් කළ කරුණු අතරින් අධිකරණ විවරණ බලය හැරුණු විට අනෙකුත් සියලුම කාර්යයන් බොහෝ දුරට ශ්‍රේෂ්ඨාධිකරණයට පොදුවේ හිමිවේ . ඊට හේතුව අධිකරණ ප්‍රති නිරීක්ෂණ බලය ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල පමණක් ක්‍රියාත්මක වන නිසාය ....